Saturday 7 September 2013

නකර සලමලයා


ආදරේ කියන්නේ මොකක්ද?
හ්ම්ම්ම්
හැමෝම කියයි...
හිතක ඇතිවන
උත්තරීතර හැගීමක් කියලා..
ජීවිත කාලෙම
කැපකිරීම් කරන
පිරිසිදු බැදීමක් කියලා...
ඉතින්..
මාත් ආදරේ කරනවා...
ඔය විදියටම
ඒත් කරුමෙට
ඇයට නෙමේ ඔහුට...
මන් කැප කලා
ආදරේ වෙනුවෙන්
මගේ පිරිමිකම...
වෙනස් වුනා
ගැහැණියක් ලෙස
ඔහුට අවැසි ලෙස
ඉතින් කියන්න
මගේ ආදරේ
උත්තරීතර
කැපකිරීමක් නොවෙද?

1 comment:

  1. ගේ කුරුළු කූඩුවක කතාවක් වගේ :o

    ReplyDelete