Sunday 30 March 2014

හුරතලී



සිගරැට් ගද පිරිණු කාමරයක
කිලුටු ඇද ඇත්රිලි මත
සැතපවනු ලැබූ සුරතලිය ඇය...
නෙත් වලට ඉහලින්
මහ මෙරක් පෙම් කරපු ඇස් මත්තේ
ජීවිතය පුද දුන්
මෝඩ කිරිල්ලිය ඇය...
අවසන කාගේත් ඇස් වල
පට්ට වේ*** ඇය...

සිගරැට් ගද ඇති කරපු
කිලුටු ඇද මත ඇය සැතපවූ
ආදරය නාමයෙන්
පවුකාරකම් කරපු....
නාවා ගෙට ගත්තු
සර්ව සාදාරණ මිනිසා ඔහු...

අම්මපා රෙද්දේ යතාර්තය...

*සිතූ*

Sunday 19 January 2014

ගන්ජා කාරයෙක්ගේ පෙම්වතී



උඹ ගත්තද අද
200 පැකට් එක
උඹේ යාලුවොත්
එක්ක
පිලිවෙල ක් නැති
උඹේ ජීවිතේ
පුලුවන් පිලිවෙලට

ඔතන්න විතරයි
ගන්ජා සුරුට්ටුව
හිස් කඩඩහි වලින්....
මාව සිපගන්න
තොල් පෙති වලින්
ගත්ත්ද උඹ
රිවස් එක
අර රලු කටින් එන...
ඉතින්...
දැන් උඹ
ගහන මනෝ වල
උඹ රජුයි
මම රැජිණි...
ඒකත් හරි ආතල්ලු...

*සිතූ*