මල්වරවීම
කෙල්ල ගෙට වෙලා
අනිද්දනේ නැකත
ගන්න ඕනේ මගුල
රටටම පේන්න
එහා ගෙදර උන්ට වඩා
උජාරුවට
වැඩිම වියදම
අරක්කු වලට
දැන් හරි කාලේ
කෙල්ල ගෑණියෙක් කරන්නට
කියලා පෙන්නන්න
ආරාදනා කරමු
බේබද්දන්ට,
සල්ලාලයන්ට....
Saturday 28 September 2013
Wednesday 25 September 2013
මම
මට ලියන් හිතුනා කවියක්
මගේ ගැනම....
මොනා ලියන්නද කෙල්ලේ
හිත කුරු කුරු ගෑවා....
අනේ ලියපන්කෝ වදේ
මොනාම හරි මොනාමහරි
මාත් හිත එක්ක රණ්ඩු කලා...
අන්තිමේ හිත කීවා...
උඹ මහ මුරන්ඩු
කමකට නැති එකියක්...
ක්වමදාවත්
කියන දේ අහන් නැති
ඇහුම්කන් දෙන් නැති...
හදන්න බැරි...
හිත කීවේ එච්චරයි...
ඉතින් ඇත්ත වෙන් ඇති
මගේ හිත තරම්ම
මන් ගැන දන්නේ
වෙන කවුද?
මගේ ගැනම....
මොනා ලියන්නද කෙල්ලේ
හිත කුරු කුරු ගෑවා....
අනේ ලියපන්කෝ වදේ
මොනාම හරි මොනාමහරි
මාත් හිත එක්ක රණ්ඩු කලා...
අන්තිමේ හිත කීවා...
උඹ මහ මුරන්ඩු
කමකට නැති එකියක්...
ක්වමදාවත්
කියන දේ අහන් නැති
ඇහුම්කන් දෙන් නැති...
හදන්න බැරි...
හිත කීවේ එච්චරයි...
ඉතින් ඇත්ත වෙන් ඇති
මගේ හිත තරම්ම
මන් ගැන දන්නේ
වෙන කවුද?
Tuesday 24 September 2013
විශ්වාසය
කිසිදා නොබිදිතෙයි
සිතමින්
ආදරෙන් සුරැකි
පලිඟු බදුන
බිම වැටී
බිදී ගිය වගයි..
කිසිදු හඩක්
නොනගාම....
Sunday 8 September 2013
බොක්ස්
සුදු සේද ඇතිරූ
පෙම් සයන මත
ආදරෙන් සෙනෙහසින්
නැගුණු මුතු දහඩිය මතින්
නෙතට නෙත තියාගෙන
විදිය යුතු වූ
ප්රතම අත්දැකුම..
ඉඩ ඇහිරුනු
ලෑලි පෙට්ටියක
මූණු නොපෙනුනු
අදුරු මොහොතක
දහසකගේ කටහඩවල්
ඇසෙන මොහොතක
සිදුවුණු අයුරු නම්
තාම අරුමයකි මට.....
Saturday 7 September 2013
නකර සලමලයා
ආදරේ කියන්නේ මොකක්ද?
හ්ම්ම්ම්
හැමෝම කියයි...
හිතක ඇතිවන
උත්තරීතර හැගීමක් කියලා..
ජීවිත කාලෙම
කැපකිරීම් කරන
පිරිසිදු බැදීමක් කියලා...
ඉතින්..
මාත් ආදරේ කරනවා...
ඔය විදියටම
ඒත් කරුමෙට
ඇයට නෙමේ ඔහුට...
මන් කැප කලා
ආදරේ වෙනුවෙන්
මගේ පිරිමිකම...
වෙනස් වුනා
ගැහැණියක් ලෙස
ඔහුට අවැසි ලෙස
ඉතින් කියන්න
මගේ ආදරේ
උත්තරීතර
කැපකිරීමක් නොවෙද?
Subscribe to:
Posts (Atom)