Sunday 30 March 2014

හුරතලී



සිගරැට් ගද පිරිණු කාමරයක
කිලුටු ඇද ඇත්රිලි මත
සැතපවනු ලැබූ සුරතලිය ඇය...
නෙත් වලට ඉහලින්
මහ මෙරක් පෙම් කරපු ඇස් මත්තේ
ජීවිතය පුද දුන්
මෝඩ කිරිල්ලිය ඇය...
අවසන කාගේත් ඇස් වල
පට්ට වේ*** ඇය...

සිගරැට් ගද ඇති කරපු
කිලුටු ඇද මත ඇය සැතපවූ
ආදරය නාමයෙන්
පවුකාරකම් කරපු....
නාවා ගෙට ගත්තු
සර්ව සාදාරණ මිනිසා ඔහු...

අම්මපා රෙද්දේ යතාර්තය...

*සිතූ*

3 comments:

  1. යතාර්ථය ගැනනම් ඉතින් කතා කරලා වැඩක් නෑ.. කවිය නම් නියමයි.. අදයි මේ පැත්තේ ගොඩ වුනේ..

    ReplyDelete
  2. රස්තා සිගරට් දුමෙන් පටන් ගත් කවි දෙක තුනක්ම ලිව්ව නේද? මට නිකං මතකෙට කිව්වේ..

    ReplyDelete
    Replies
    1. දේශා......මේ වෙන රස්තා කෙනෙක්ද කොහෙද මගේ හිතේ. මොන රස්තා උනත් මම මේ නිදහස් සිතුවිලි අගය කරනවා.

      Delete